Tuesday, April 30, 2024

පාකිස්තාන ARY ප්‍රවෘත්ති සේවය අත්හිටුවීමට එරෙහිව විරෝධතා

පාකිස්ථානයේ ARY ප්‍රවෘත්ති නාලිකාවේ විකාශනය අත්හිටුවීමට විරෝධය පළ කරමින් පාකිස්තාන මාධ්‍යවේදීන්ගේ ෆෙඩරල් සංගමය (PFUJ) පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත වාඩි වී සිටින බව නිවේදනය කර තිබේ.

පාකිස්තාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය (PEMRA) ARY ප්‍රවෘත්ති නාලිකාව සන්නද්ධ හමුදාවන් තුළ කැරැල්ලක් අවුලුවාලීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි සාවද්‍ය තොරතුරු මත පදනම්ව අසත්‍ය, ද්වේෂ සහගත සහ ද්‍රෝහී අන්තර්ගතයන් විකාශනය කරන බවට චෝදනා නගා ඇත.

මාධ්‍ය සංගමයේ මහලේකම් රානා අසීම් පැවසුවේ මීට එරෙහිව තම සංගමය ඉස්ලාමාබාද් දෙසට පා ගමනක් යන බවත්, ඔවුන් සියලුම මාධ්‍ය ආයතනවල සහ මාධ්‍යවේදීන්ගේ සංවිධානවල මාධ්‍යවේදීන්ට ලිපි ලියා ඇති බවත්ය.

මාධ්‍යවේදීන් එකමුතු වී සිටින බවත්, ARY ප්‍රවෘත්ති සම්ප්‍රේෂණය යථා තත්ත්වයට පත් කරන තෙක් පාර්ලිමේන්තු මන්දිරයෙන් පිටත වාඩි වී සිටින බවත් ඔහු පවසා ඇත.

මාධ්‍ය සංගම් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ සංගමයේ සාමාජිකයින් සිරගෙවල්වලට යාමට සූදානම් නමුත් විරෝධතාව අවසන් නොකරන බවයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සීමා පැනවීම අවසානයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වන බැවින් සංවේදීව කටයුතු කරන ලෙස ඔහු ආණ්ඩුවට අවධාරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles