එක්සත් ජනපද ජෙනරාල්වරයකු පාකිස්තානයට

0
299

පාකිස්තානයේ රාවල්පින්ඩි හි පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී එක්සත් ජනපද ප්‍රධාන පෙළේ ජෙනරල්වරයෙක් දෙරටේ ආරක්ෂක සහ ත්‍රස්ත විරෝධී සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් පාකිස්තාන හමුදා ප්‍රධානියා හමුවී ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රධානී ජෙනරාල් මයිකල් ඊ කුරිල්ලා අප්‍රේල් මාසයේදී නව තනතුරු භාර ගැනීමෙන් පසු සිදු කළ පළමු පාකිස්තාන සංචාරය මෙය බව පැවසේ.

එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රධානී ජෙනරාල් කෙනත් මැකෙන්සි 2021 පෙබරවාරි මාසයේදී ඉස්ලාමාබාද් වෙත පැමිණි දා සිට ඕනෑම ඉහළ පෙලේ එක්සත් ජනපද ජෙනරාල්වරයකු පාකිස්තානයට පැමිණි පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

හමුදා දෙක අතර අන්තර්ක්‍රියා සිදුවී ඇතත්, පසුගිය මාස 18 තුළ කිසිදු ඇමරිකානු ජෙනරාල්වරයෙකු පාකිස්තානයට නොපැමිණි බව ද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here