ඇෆ්ගන් ආරක්ෂක ඇමතිගෙන් පාකිස්ථානයට චෝදනාවක්.

0
413

ඇමෙරිකානු ඩ්‍රෝන යානාවලට ඇෆ්ගනිස්තානයට ඇතුළු වීම සදහා පකිස්ථානය සිය ගුවන් කලාපය ඔස්සේ ඉඩ ලබා දෙන බව පවසමින් ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් යාකූබ් මුජාහිඩ් පකිස්තානයට චෝදනා එල්ල කරයි.

කාබුල් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්-කයිඩා ප්‍රධානී අයිමාන් අල්-සවාහිරි ඝාතනයට ලක්ව මාසයක පමණ කාලයක් ගතවීයාමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කර තිබේ.

අමෙරිකාවේ ඩ්‍රෝන යානා මේ වන විටත් කාබුල් නගරයට ඉහළින් පියාසර කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

පකිස්තාන ගුවන් සීමාව භාවිත කර අමෙරිකානු ඩ්‍රෝන යානා ඇෆ්ගනිස්ථානයට ඇතුළු වන බවට විශ්වාසදායී තොරතුරු ලැබී ඇති බව ද ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කර තිබේ.

එබැවින් පාකිස්තානයේ ගුවන් සීමාව ඇෆ්ගනිස්තානයට එරෙහිව භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා පකිස්තානයට තරයේ පවසා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here