පාකිස්ථානයේ ගංවතුර හානිය බලන්න අමෙරිකාවෙන් විශේෂ කණ්ඩායමක්

0
391

ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති පකිස්තානයට හමුදා ආධාර මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව අමෙරිකානු යුද හමුදාවේ මධ්‍යම මෙහෙයුම් විධානය නිවේදනය කර සිටිනවා.

පකිස්ථානයේ ගංවතුර අර්බුදයට එක්සත් ජනපදයේ ආධාරයක් ලෙස එහි පවතින තත්ත්වය විශ්ලේෂණය කොට අවශ්‍ය සහය කුමක්ද යන්න තීරණය කිරීම සඳහා ආරක්ෂක දෙපාරතමේන්තුවේ උපදෙස් අනුව විශේෂ කණ්ඩායමක් පිටත් කර හරින බවයි යුද හමුදා ප්‍රකාශක කර්නල් ජෝ බුචිනෝ සඳහන් කළේ.

අමෙරිකානු යුද හමුදාවේ මධ්‍යම මෙහෙයුම් විධානයේ අණදෙන නිලධාරී ජනරාල් එරික් කුරිල්ලා සහ පකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා අතර බ්‍රහස්පතින්දා පැවති දුරකථන සංවාදයකින් පසුව මෙම තීරණය ගත් බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.

අමෙරිකාව, පකිස්තානයේ හමුදාවට ප්‍රධානතම ආයුධ සපයන්නා වුවත් දෙරට අතර සම්බන්ධතාවයන් පළුදු වී තිබෙන අයුරු පසුගිය සමයේදී දක්නට ලැබුණා.

ඒ අමෙරිකාවට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් උතුරු පාකිස්තානයේ හමුදා සංකීර්ණයක් අසල වූ නිවසක ජිවත් වෙමින් සිටියදී අමෙරිකානු සීල් භටයින් විසින් සිදුකළ මෙහෙයුමකින් පසු මරා දැමීමෙන් අනතුරුවයි.

එහෙත් වසරකට පෙර ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදාවන් ඉවත් වූ දා සිට නැවත පාකිස්ථානය සමග සම්බන්ධකම් තරකර ගැනීමට ඔවුන් පියවර ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here