මාර පරාජයක් සමඟ ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට

0
1061

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ලකුණු 65 කින් පරාජය කරන ලදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාවට ඕවර 19.2 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 102 ක් පමණි.

මේ අනුව ලකුණු සටහනේ පහළම ස්ථානය හිමිකර ගැනීමත් සමග ලෝක කුසලානයේ අර්ධ අවසාන පුර්ව වටයෙන් ශ්‍රී ලංකාව ඉවත් වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here