හැලොවීන් සාදයේ මරු දුටු ලාංකිකයා…

0
478

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලෝවීන් සාදය අතරතුරදී තෙරපීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයා රැකියාවක් සඳහා විදෙස්ගත වූ අයෙක් නොවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය සඳහන් කළේ මියගිය පුද්ගලයා අධ්‍යාපන කටයුතු සඳහ  දකුණු කොරියාව වෙත ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විදේශ සබඳතා අංශය එම අවස්ථාවේදීම දකුණු කොරියාවේ පිහිටි මෙරට තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධ වෙමින් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර තිබෙනවා. 

දැනට ලැබී ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයා සරණාගත වීසා මත දකුණු කොරියාවේ රැඳී සිටි අයෙකු බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.  සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here