පාකිස්තානයේ සින්ද් පළාත ජල ප්‍රශ්නවලදී වෙනස් කොට සැලකීමකට ලක්ව ඇති බවත් එය පාකිස්තානයේ නිදහසේ සිට එම පළාතේ ඉරණම බවට පත්ව ඇති බවටත් චෝදනා එල්ල වෙමින් තිබේ.
සින්ද් බලධාරීන් ජල ගැටලුව සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ නම්, එය සින්ද් ජනයා වෙනස් කොට සැලකීමක් පමණක් බව ‘Sindh daily’ පුවත්පත වාර්තා ඇත.
සින්ද් දැනටමත් ගැටළු රැසකින් පීඩා විදිමින් සිටින අතර සින්ද් පළාතට ගෑස් ලබා ගත නොහැකි නම්, එය ගිම්හානයේදී විදුලිය විසන්ධි කිරීමකට හේතුවන බවත්, විශේෂයෙන් ශීත ඍතුවේ දී සින්ද්හි දුක්ඛිත තත්ත්වය වැඩි වීමට එය හේතුවක් වනු ඇති බවත් හයිද්‍රාබාද්හි සින්දි පුවත්පතක් වන ඩේලි කවීෂ් වාර්තා කර තිබේ.
තාර් ප්‍රදේශයේ ගල් අඟුරු ව්‍යාපෘතිවලින් සෞභාග්‍යය උදාවන බවටත්, ප්‍රදේශවාසීන්ට රැකියා ලැබෙන බවටත්, ප්‍රදේශවාසීන්ගේ අනාගතය සුබදායක වන බවටත් සින්ද් ප්‍රධාන අමාත්‍යවරයා කරන ප්‍රකාශ මේ අතරතුරදී වාර්තා වෙමින් තිබේ.
එහෙත් වසරින් වසර තාර් හි දරුවන් සිය ගණනක් මන්දපෝෂණයෙන් මිය යන බව මාධ්‍ය වාර්තා කර ඇත.