අන්තර්ජාතික පොලිසියෙන් ඉන්දියාවට ප්‍රශංසාවක්

0
246

අන්තර්ජාතික පොලිසිය හෙවත් INTERPOL විසින් සම්බන්ධීකරණය කරන ලද ගෝලීය මෙහෙයුම් සඳහා ඉන්දියාව අතිශයින්ම ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව INTERPOL හි 90 වැනි මහා සභා රැස්වීමට ආරම්භ කිරීමට පෙර එහි මහලේකම් ජර්ගන් ස්ටොක් පැවසීය.

INTERPOL හි 90 වන මහා සභා රැස්වීම ඔක්තෝබර් 18 සිට 21 දක්වා ඉන්දියාවේ දී පැවැත්විණ.

මෙම රැස්වීමට INTERPOL සාමාජික රටවල් 195 ක මැති ඇමතිවරුන්, පොලිස් ප්‍රධානීන්, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සිව්දින මහා සභාව INTERPOL හි උත්තරීතර පාලක මණ්ඩලය වන අතර එහි ක්‍රියාකාරිත්වයට අදාළ ප්‍රධාන තීරණ ගැනීමට වසරකට වරක් රැස්වේ.

එහිදී මහලේකම්වරයා පැවසුවේ, ඉදිරි දින කිහිපය තුළ, ඔවුන් ගෝලීය ආරක්ෂක ගැටළු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, ඉන්ටර්පෝල් හරහා ඒවා විසඳිය හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here