පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඉන්දියාවේ අභිලාෂයන් පවතින්නේ ඉතා ඉහළ මට්ටමක බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ COP 27 සමුළුව අමතමින්.
ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ ප්‍රංශය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සෙනගලය හා ඉන්දුනීසියාව යන රටවල් පුනර්ජනනීය නොවන බලශක්තියෙන් ඉවත් වීමට දැඩි උනන්දුවක් දක්වන බවයි.
රුසියාව විසින් බලශක්ති ක්ෂේත්‍රයට එල්ල කරන තර්ජන මධ්‍යයේ දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කැප නොකරන බව ද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් අවධාරණය කළා.
එමෙන්ම ගැඹුරු සාගර කලාපයේ සිදුකරන කැනීම් කටයුතු වහා තහනම් කළ යුතු බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය මගින් ඇති කර තිබෙන බලශක්ති හා ආහාර අර්බුදය තිබුණ ද දේශගුණයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් වැඩිදුරටත් පවසා තිබෙනවා.