විරැකියාව ඉහළයාමෙන් පකිස්තානයේ සියදිවි නසා ගැනීම් ඉහළට

0
386

පාකිස්තානය විසින් අත්පත් කරගෙන සිටින ගිල්ගිට් බෝල්ටිස්තානයේ 2005 ජනවාරි සිට 2022 ජූනි දක්වා සියදිවි නසාගැනීම් 573ක් වාර්තා වී තිබේ.

ගිල්ගිට් බෝල්ටිස්තානයේ සියදිවි නසාගැනීම් වැලැක්වීම පිළිබද වාර්තාවක් විසින් සියදිවි නසාගැනීම් සඳහා ප්‍රධාන හේතු ලෙස රැකියා නොමැතිකම සහ අධ්‍යයන පීඩනය හඳුනාගෙන ඇති අතර 2022 දී සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 2021 මෙන් දෙගුණයක් වූ බව ඩෝන් වාර්තා කර ඇත.

සමාජ සංස්කෘතික අපකීර්තිය, දෙමාපියන් සහ දරුවන් අතර සන්නිවේදන පරතරය සහ වෘත්තීය මනෝවිද්‍යාත්මක උපකාර සඳහා ඇති සීමිත ප්‍රවේශය ඇතුළු තවත් සාධක රාශියක් ගිල්ගිට්-බෝල්ටිස්තානයේ සියදිවි නසාගැනීම් වැඩි වීමට හේතු වන බවද අදාළ වාර්තාවේ දැක්වේ.

2022 දී සියදිවි නසාගැනීම් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර පළමු මාස හත තුළ සිදුවීම් 65 ක් වාර්තා වී ඇති අතර එය 2021 ට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි බව රජයේ දත්ත හෙළි කර තිබේ.

මියගිය අයගෙන් සියයට 79 ක් වයස අවුරුදු 15 ත් 39 ත් අතර වයස් සීමාවේ පසුවන අතර, සියලුම මරණවලින් අඩකට වඩා පිරිමින් (54 ක්) බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here