චීනයේ තර්ජන හමුවේ තායිවාන ජනාධිපතිවරියගෙන් අසීරු තීරණයක්.

0
302

ජනතාවගේ අනිවාර්යය හමුදා සේවය මාස 04 සිට වසරක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තායිවානය සූදානම් වේ.

රටේ ආරක්ෂාවට චීනයෙන් දිගින් දිගටම එල්ල වන තර්ජනය හමුවේ එම තීරණය ගත් බව තායිවාන ජනාධිපති සායි ඉන් වෙන් පැවසුවාය.

එය ඉතා අසීරුවෙන් ගත් තීරණයක් වුවත්, රටේ ජනාධිපතිවරිය සහ සන්නද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස එය කිරීමට සිදු වූ බවත් ඇය සදහන් කළාය.

ජාතික අවශ්‍යතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාව ආරක්ෂා කිරීම මගහැරිය නොහැකි වග්කීමක් බව ද තායිවාන ජනාධිපතිවරිය පෙන්වා දී තිබේ.

තායිවානයට, තායිවානයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද යුද්ධය අවශ්‍ය නොවුනත් චීනයෙන් එල්ල වන ආක්‍රමණ ඉහළ ගොස් ඇතැයි ඇය සදහන් කළාය.

තායිවානය තුළ මීට පෙර පැවැති නීතිය අනුව එරට සිටින අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයින් වසර 03 ක කාලයක් සදහා අනිවාර්යය හමුදා සේවයට එක් විය යුතුවේ.

පසුව එය මාස 10 ක කාලයක් සදහාත්, අනතුරුව මාස 04 ක කාලයක් සදහාත් අඩු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here