Friday, April 26, 2024

ලෝකයේ කෝවිඩ් වැඩිවීම ගැන ඉන්දියාවේ අවධානය

බ්‍රසීලයේ, ජපානයේ, එක්සත් ජනපදයේ සහ කොරියානු ජනරජයේ කොවිඩ් -19 රෝගීන්ගේ වැඩිවීම සහ විශේෂයෙන් චීනයේ දිග හැරෙන තත්ත්වය පසුබිම් කරගනිමින්, ඉන්දියාව පූර්ණ අවධානයෙන් සිටිනබව වාර්තා වේ.

ඉන්දීය මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියද කොවිඩ් තත්ත්වය සමාලෝචනය කළ අතර ඉන්දියාවේ තවත් වැඩිවීමක් වැළැක්වීම අරමුණු කරගත් පියවරයන් සකස් කර තිබේ.

මෙම සමාලෝචනයේදී කොවිඩ් සම්බන්ධයෙන් රජයේ බරපතලකම අවධාරනය කිරීම සඳහා, සහභාගී වූ සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ සිටි නමුත්, එය තවදුරටත් අනිවාර්ය නොවේ.

කොවිඩ් උවදුර තවම අවසන් වී නැති බවට ඉන්දීය රජය නැවතත් තහවුරු කර ඇති අතර ජනාකීර්ණ ස්ථානවල මුඛ ආවරණ පළදින ලෙසත්, ජානමය නිරීක්ෂණ ඇතුළු නිරීක්ෂණ ශක්තිමත් කරන ලෙසත් ජනතාවට උපදෙස් නිකුත් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles