උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්…

0
1174

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ට ඔවුන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධන කිරීමට ඇත්නම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා සිදුකරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් සඳහා කොළඹට පැමිණීම අවශ්‍ය නැත.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පාසැල් අයදුම්කරුවන් අදාළ සංශෝධනයන් විදුහල්පති හරහා සිදුකළ යුතු බවයි.

පෞද්ගලික අපේක්ෂකයන් තමුන්ගේ ජාතික හැඳුනුම්පත ඇසුරෙන් වෙබ් අඩවිය හරහා තමුන්ගේ ප්‍රොෆයිලයට ඇතුළු වී අදාළ වෙනස්කම් සිදුකරගත හැකිය. එහිදි ලියාපදිංචියට අදාල OTP (One time Password) එක ලබා දුන් දුරකථන අංකයට පැමිණෙනවා.

ස්ත්‍රී-පුරුෂ භාවය, විෂයය වෙනස් කිරීම, නම ලිපිනය ආදිය වෙනස් කිරීම වැනි සේවාවන් රැසක් ඉන් සිදුකරගත හැකි අතර, ඒය සම්පූර්ණ කළ වහා මුද්‍රිත පිටපතක් ලබාගෙන ඒය ඔබේ විභාග ප්‍රවේශ පත්‍රය සමග රැගෙන ඒ්මෙන් ගැටලු සියල්ල මගහරවාගන්න හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ වෙබ් අඩවිය.
https://doenets.lk/ මෙම වෙබ් අඩවියට පිවිස ඔබේ භාෂාවෙන් තමාට වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය කැටගරියට පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here