නව අල්කයිඩා නායකයා ගැන තවම හෝඩුවාවක් නැහැ

0
457

එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් 2022 ජූලි 31 වන දින කාබුල්හිදී මියගිය අල්කයිඩා නායක අයිමන් අල්-සවාහිරිගේ අනුප්‍රාප්තිකයා පිළිබඳව තවමත් අපැහැදිලි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එක්සත් ජනපද ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් අබිසයිඩ් පවසන්නේ 9/11 ප්‍රහාරයේ ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙකු වන සවාහිරි තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගන්නා තෙක්, පාකිස්තාන බුද්ධි ඒජන්සිය වන අන්තර් සේවා බුද්ධි අංශයේ (ISI) ආරක්ෂාව යටතේ, ජීවත්වූ බව වාර්තා වූ බවයි.

සවාහිරිගේ මරණයෙන් පසු, අල්කයිඩාවේ ඉහළ පෙළේ සාමාජිකයෙකු වන, හිටපු ඊජිප්තු විශේෂ බලකායේ නිලධාරියකු වන සයිෆ් අල්-ඇඩෙල් සංවිධානයේ නායකත්වය වෙනුවෙන් තේරීමට නියමිත මීළඟ තරඟකරුවා ලෙස සලකා තිබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීමට උපකාර වන නිවැරදි තොරතුරු වෙනුවෙන් එක්සත් ජනපදය ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් පිරිනමන බවද ඇමෙරිකාව නිවේදනය කර ඇත.

අබිසයිඩ් පෙන්වාදෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදය අනපේක්ෂිත පරිසරයකට මුහුණ දී ඇති බවත්, අල් කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය වැනි විදේශය පදනම් කරගත් අන්තවාදී සංවිධාන ගැන ඇමරිකානුවන් අවදියෙන් සිටිය යුතු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here