ඇමෙරිකාව චීන සමාගම් 06ක් ‘බ්ලැක්ලිස්ට්’ කරයි

0
344

එක්සත් ජනපද ගුවන් සීමාව හරහා පසුගිය සතියේ පියාසර කළ බව කියන ඔත්තු බැලීමේ බැලූනය හේතුවෙන්, එක්සත් ජනපදය විසින් චීනයේ අභ්‍යවකාශ වැඩසටහන්වලට සම්බන්ධ යැයි පවසන චීන ආයතන හයක් අසාදු ලේඛනගත කර තිබේ.

අමෙරිකානු ගුවන් සීමාවේ ඔත්තු බැලූ බව පවසන චීනයට අයත් බැලුනයක් අමෙරිකානු ආරක්ශක අංශ විසින් පසුගියදා පුපුරුවා හැරීමට පියවර ගනු ලැබීය.

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයකින් අනතුරුව එම බැලුනය මුහුදට කඩා වැටී ඇති බවයි.

අදාළ බැලුනය ඔත්තු බැලීමේ යානයක් නොවන අතර එය කාලගුණ තොරතුරු ලබාගැනීම සඳහා යොමු කර තිබූ බවත් කාර්මික දෝෂයක් හේතුවෙන් අමෙරිකානු ගුවන් සීමාවට බැලුනය ගසා ගෙන ගොස් ඇති බවත් චීනය ප්‍රකාශ කර තිබිණි.

එක්සත් ජනපද කර්මාන්ත සහ ආරක්ෂාව පිළිබඳ වාණිජ කටයුතු පිළිබඳ උප ලේකම් ඇලන් එස්ටෙවේස් පවසා ඇත්තේ, චීන රජය විසින් නිරීක්ෂණ සඳහා අධි තාක්ෂණික බැලූන් භාවිත කිරීමට එරෙහිව තම රට සෘජුවම ප්‍රතිචාර දැක්වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here