Friday, April 26, 2024

G20 රටවල සංචාරකයින්ට ඉන්දියාවෙන් අලුත් ඇප් එකක්

ඉන්දියාවේ සිටියදී ජංගම දුරකථන ඔස්සේ ගෙවීම් සිදුකිරීමට හැකි ‘ඒකාබද්ධ ගෙවීම්’ ක්‍රමවේදය (UPI) භාවිත කිරීමට G20 රටවල සංචාරකයන්ට අවසර දෙමින් ඉන්දීය සංචිත බැංකුව පසුගියදා උපදෙස් නිකුත් කර තිබේ.

UPI යනු බැංකු ගිණුම් කිහිපයක් තනි ජංගම යෙදුමකට එකතු කරන, බාධාවකින් තොරව මාර්ගගත ක්‍රමය හරහා ගෙවීම් සිදුකළ හැකි පද්ධතියකි.

ඉන්දීය සංචිත බැංකුව විසින් ඉන්දියාවට පැමිණෙන විදේශීය ජාතිකයන්ට සහ අනේවාසික ඉන්දියානුවන්ට UPI වෙත ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙම පළමු පියවර හඳුන්වාදී තිබේ.

මෙහි ආරම්භයක් ලෙස, G20 රටවල සංචාරකයන් සඳහා තෝරාගත් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල ඔවුන්ගේ වෙළඳ ගෙවීම් සඳහා මෙම පහසුකම ලබා දෙන බව මහ බැංකුව පවසා ඇත. පසුව, එම පහසුකම රටේ සියලුම පිවිසුම් ස්ථාන හරහා සක්‍රීය කිරීමට නියමිතය.

G20 හෙවත් 20 කණ්ඩායම යනු ලෝකයේ ප්‍රධාන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි අන්තර් රාජ්‍ය සංසදයකි. මේ වන විට G20 කණ්ඩායම් සභාපතිත්වය දරනු ලබන්නේ ඉන්දියාව විසිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles