Sunday, May 5, 2024

බැලුන් නිසා එක්සත් ජනපද-චීන ​​සබඳතාවල හුළං බහී

චීනයේ බැලූනයක් ඇමරිකානු ගුවන් සීමාවේ දක්නට ලැබීම එක්සත් ජනපදය සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි දුර්වල ප්‍රතිවිපාක ඇති කරනු ඇති බව හොංකොං පෝස්ට් වාර්තා කරයි.

බැලූන සිද්ධියෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ චීන සංචාරය ප්‍රමාද කිරීමට කටයුතු කර තිබිණි.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, එක්සත් ජනපදය සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට චීනය ක්‍රියා නොකරන්නේ නම්, මෙම නොවැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේදී සැලසුම් කිරීමට නියමිත ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවටද එය බලපෑම් එල්ල කල හැකි ය.

ලෝකය ඉදිරියේ මිත්‍රශීලී මුහුණුවරක් පෙන්වීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිය භූමිකාව පුළුල් කිරීමට චීනය උත්සාහයන් දරමින් සිටින අතරතුර මෙම බැලූන සිදුවීම හේතුවෙන් චීනයට තවත් බොහෝ දේ අහිමි වීමට ඉඩ ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම බැලූනය ඇමරිකානු ගුවන් සීමාවේ තිබී හමුවීමෙන් පසු ජාතික ආරක්‍ෂාව සහ අභ්‍යවකාශය පිළිබඳ විශේෂඥයන් කියා සිටියේ මෙම බැලූනය කාලගුණ අනාවැකි, විදුලි සංදේශ සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සංවර්ධිත රටවල් විසින් භාවිත කරන බැලූන හා සමාන බවයි.

කෙසේවෙතත් චීනය වසර ගණනාවක් තිස්සේ රහස් තොරතුරු රැස්කිරීම සඳහා බැලූන භාවිත කර තිබේ.

පෙන්ටගනයේ නිලධාරියකු පෙන්වාදී ඇත්තේ චීන බැලූන් පහක් ලොව වටා ගමන් කර ඇති අතර, චීනය පසුගිය දශකය තුළ ලොව පුරා බැලූන් මෙහෙයුම් 20 සිට 30 දක්වා සිදු කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles