ඉන්දියාවේ නිපදවූ ප්‍රථම මිනිසුන් රහිත ගුවන් යානය එළිදැක්වේ

0
310

උපායමාර්ගික ඔත්තු බැලීම් සහ නිරීක්ෂණ සඳහා දේශීයව නිපදවූ ඉන්දියාවේ ප්‍රථම ‘මිනිසුන් රහිත ගුවන් යානය’ (UAV) ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව වාර්තාවෙනවා.

මේ අතර තවත් ආයුධ සන්නද්ධ ඩ්‍රෝන යානයක් මේ වසරේ ජුනි හෝ ජූලි වන විට එහි පළමු පියාසැරි පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

මේ වන විට ගුවන් ගමන් 180 කට අධික සංඛ්‍යාවක් සමඟින් ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් වැඩි දියුණු කරන ලද මෙම Tapas-BH ඩ්‍රෝන් යානය, බෙංගාලුරුහිදී පැවැත්වෙන එරෝ ඉන්දියා ප්‍රදර්ශනයේදී සංදර්ශනයක් පවත්වනු කරනු ඇති බව වාර්තා සඳහන් කරයි.

එහිදී, අඩි 28,000-අඩි දක්වා උසකින් පැය 18 කට වැඩි කාලයක් ගුවන්ගතව සිටීම අතුළුව Tapas-BH යානයේ හැකියාවන් ප්‍රදර්ශනය කරනු ඇති බව පැවැසේ.

ජුනි හෝ ජූලි මාසය වන විට පරික්ෂාවට ලක්කිරීමට නියමිත මීළඟ යානය,ගුවන් තොටුපල නාශක අවි සහ ටැංකි නාශක මඟ පෙන්වන මිසයිල ඇතුළු ආයුධ කිලෝග්‍රෑම් 300 ක් රැගෙන යා හැකි Archer-NG (ඊළඟ පරම්පරාවට අයත්) වර්ගයට අයත් වුවකි.

Tapas-BH ඩ්‍රෝන් යානය, කලින් Rustom-2 ලෙස හැඳින්වූ අතර, එහි උපරිම වේගය පැයට කිලෝමීටර 225ක් වන අතර එහි පියාපත් මීටර් 20.6 ක දිගින් යුක්ත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here