චීන කැමරා ඔස්ට්‍රේලියාවේ ඔත්තු බලයි

0
309

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාලවල භාවිත කරන නිරීක්ෂණ කැමරාවන්හි තාක්ෂණය නැවත පරීක්‍ෂා කරන බව එරට ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව පැවසූයේ එහි සවි කර ඇති චීනයේ නිෂ්පාදිත කැමරා ආරක්‍ෂක අවදානම් ඉහළ නංවා ඇති බවට වන වාර්තා මධ්‍යයේ ය.

සංවේදී ගොඩනැගිලිවල චීන සම්බන්ධිත නිරීක්ෂණ කැමරා සවි කිරීම නවත්වන ලෙස බ්‍රිතාන්‍යය පසුගිය නොවැම්බර් මාසයේදී සිය දෙපාර්තමේන්තුවලින් ඉල්ලා සිටීමෙන් පසුව ඕස්ට්‍රේලියාවද මෙම පියවර ගෙන තිබේ. 

සමහර එක්සත් ජනපද ප්‍රාන්තද චීන තාක්‍ෂණ සමාගම් කිහිපයක නිෂ්පාදන ඒ අනුව තහනම් කර ඇත.

චීන රජයට අයත්  සමාගම් දෙකක් වන හික්විෂන් සහ ඩහුවා සමාගම් සතු උපකරණ ඒකක විශාල සංඛ්‍යාවක්, ඕස්ට්‍රේලියානු රජයේ කාර්යාල 250 කට වැඩි ගණනක ස්ථාපනය කර ඇති බව පැවැසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here