ගංගා විලාස් බංග්ලාදේශයට ලඟාවේ

0
275

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය ජනවාරි 13 වන දින වාරනාසි සිට ගමනාරම්භයට අවසර ලබාදීමෙන් පසු, ලොව දිගම ගංගා නෞකාව වන ‘ගංගා විලාස්’ බංග්ලාදේශයේ මුහුදු තීරයට පසුගියදා ළඟා වී තිබේ.

සැලසුම් කර ඇති පරිදි සියල්ල හොඳින් සිදුවුවහොත්, නෞකාව පෙබරවාරි 21 වන දින ගුවහාටි හි පණ්ඩු වරායේ නැංගුරම් ලෑමට නියමිතව තිබිණි.

41 වන දින එනම් පෙබරවාරි 18 වන දින යාත්‍රාව ඩුබ්‍රි වෙත ලඟාවිය.

සංචාරකයන්ගේ රේගු පරීක්ෂාව සහ සංක්‍රමණ ඩුබ්රි හි සිදු කෙරෙන අතර ඩුබ්රි සිට ගුවහාටි වෙත ළඟා වීමට දින 03ක් පමණ ගත වේ.

මෙම නෞකාව පෙබරවාරි 19 වන දින ගෝල්පාරා වෙත ද, පෙබරවාරි 20 වන දින සුල්කුචි වෙත ද, පෙබරවාරි 21 වන දින ගුවහාටි වෙත ද ළඟාවීමට සැලසුම් කර තිබිණි.

ගංගා විලාස් යනු ඉන්දියාව විසින් නිෂ්පාදනය කරන ලද, ලොව දිගුම ගමන්මගකින් යුතු නෞකාවක් වන අතර, එය සම්පුර්ණ දින 51ක් පුරා ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ගංගා හරහා ගමන් කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here