Tuesday, April 23, 2024

පාකිස්තානයේ ‘විකිපීඩියා’ තහනම්

පාකිස්ථානය විසින් නිදහස් මාර්ගගත විශ්වකෝෂයක් වන ‘විකිපීඩියා’ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

පාකිස්ථානයේ මෙම විකිපීඩියා තහනම පෙන්නුම් කරන්නේ, බලධාරීන් විසින් අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීමට ගනු ලැබූ අත්තනෝමතික උත්සාහයක් බව අල් අරාබියා පුවත් සේවය ප්‍රකාශ කරයි.

මුස්ලිම් හැඟීම්වලට අපහාස වන අන්තර්ගතයන් තිබෙන බව පවසමින් පාකිස්තානයේ මාධ්‍ය නියාමකයා වන පකිස්තාන විදුලි සංදේශ අධිකාරිය (PTA), විකිපීඩියාවට පිවිසීම තාවකාලිකව අවහිර කර තිබේ.

මෙම විකිපීඩියා තහනමෙන් ඇඟවෙන්නේ පාකිස්තානයේ කුමන දේශපාලන පක්ෂයක් බලය දැරුවත්, ඉස්ලාමීය කණ්ඩායම් සහ ඔවුන්ගේ රැඩිකල් මතවාදයන් පාකිස්ථානයේ සැලකිය යුතු බලයක් පවත්වා ගෙන යන ආකාරය බව අල් අරාබියා පෙන්වාදෙයි.

අපහාස කිරීමේ චෝදනාව බොහෝ විට පාකිස්තානයේ මැර ප්‍රචණ්ඩත්වයට සහ ප්‍රහාරවලට තුඩු දී තිබේ.

ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර ඇත්තේ සුළු ජාතික ආගමික කණ්ඩායම් ඉලක්ක කර පෞද්ගලික අමනාපකම් නිරාකරණය කර ගැනීම සඳහා අපහාස චෝදනා බොහෝ විට භාවිත කරන බවයි.

1990 සිට අවම පාකිස්ථානයේ වශයෙන් පුද්ගලයන් 80 දෙනෙකු දේව අපහාස චෝදනා මත මරා දමා ඇති බව වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles