Thursday, April 25, 2024

පාකිස්තාන දේශසීමාවේදී ඇෆ්ගන් ජාතිකයන්ට වධහිංසා

පාකිස්ථානයේ හමුදා මුරපොළවල් හරහා ගමන් කරන ඇෆ්ගන් ජාතිකයින්ට වධහිංසා පමුණුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විශේෂයෙන් පාකිස්තාන ඇෆ්ගන් දේශ සිමාවේ පිහිටා ඇති මිත්‍රත්ව ද්වාරය ලෙසින්ද හඳුන්වනු ලබන ස්පින් බෝල්ඩක්-චමන් මුරපොල හරහා ගමන් කරන ඇෆ්ගන් ජාතිකයන්ට මෙම පීඩාවන්ට මුහුණදීමට සිදුව තිබේ.

පාකිස්තානයට ගමන් කරන ජනතාව පවසන්නේ පාකිස්තාන හමුදා තමන් පිඩාවට පත්කරන අතර, විවිධ ආකාරයෙන් කප්පම් ලබාගන්නා බවයි.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තාන දේශසීමාව අතර ස්පින් බෝල්ඩක්-චමන් දේශසීමාව වෙළඳාම, ප්‍රතිකාර සහ වෙනත් අරමුණු සඳහා දිනකට පුද්ගලයෝ 20,000 කට වැඩි පිරිසක් භාවිත කරනු ලබති.

මෙම සංචාරකයින්ගෙන් බහුතරයක් ඇෆ්ගනිස්ථානයේ චාමන්, ක්වෙටා සහ කන්දහාර් හි පදිංචිකරුවෝ වෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles