Thursday, April 25, 2024

ඇමෙරිකානු හමුදා යළි පිලිපීනයට

එක්සත් ජනපදය පිලිපීනයේ සිය විශාල කඳවුරු වසා දැමීමෙන් වසර 30 කට වැඩි කාලයකට පසු යළි පිලිපීනයේ සිය මිලිටරි ශක්තිය ගොඩනඟා ගැනීමට පියවර ගනිමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාව මෙම පියවර ගෙන ඇත්තේ කලාපයේ චීන තර්ජනය වඩ වඩාත් සටන්කාමී වන පසුබිමක ආසියාවේ මිලිටරි සන්ධාන සමග ශක්තිමත්ව කටයුතු කිරීමේ අරමුණිනි.

පසුගියදා පිලිපීනය නිවේදනය කළේ ඇමරිකානු හමුදා කණ්ඩායම්වලට පිලිපීන හමුදා කඳවුරු නවයකට ප්‍රවේශ වීමට අවසර ලබාදෙන බවයි.

මැනිලාහි දේශපාලන විද්‍යාඥ ඇන්ඩ්‍රියා ක්ලෝ වොං පවසන්නේ, පිලිපීන කඳවුරු පිහිටීම එක්සත් ජනපද හමුදාවට දකුණු චීන මුහුදේ චීන ආක්‍රමණයට එරෙහිව ප්‍රබල ශක්තියක් ලබාදෙනු ඇති බවයි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගිය සතියේ මැනිලාහි ඔහුගේ සංචාරයේදී කියා සිටියේ, වොෂින්ටනය ස්ථිර කඳවුරු නැවත ස්ථාපිත කිරීමට උත්සාහ නොකරන නමුත් වැඩි දියුණු කළ ආරක්ෂක සහයෝගීතා ගිවිසුම යටතේ පිලිපීනයේ මිලිටරි ශක්තිය ඉහල නැංවීමට කටයුතු කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles