Saturday, April 20, 2024

යුක්රේන යුද්ධයට මැදිහත්වෙන්න ඉන්දියාවට පුළුවන් – ජර්මනිය කියයි

රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව වැඩි කැමැත්තක් නොදැක්වන නමුත්, යුක්‍රේන ගැටුමට මැදිහත් වී විසඳුමක් සෙවීමේ ප්‍රයත්නවලදී ඉන්දියාව ‘වැදගත් හඬක්’ බව ජර්මනිය පවසයි.

ජර්මානු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති උපදේශක ජෙන්ස් ප්ලොට්නර් පෙන්වාදෙන්නේ, යුක්රේන යුද්ධයට වසරක් සම්පූර්ණ වන කාලය ආසන්නයේ, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මේ මස අගදී ඉන්දියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් පෙබරවාරි අවසාන සතියේ ඉන්දියාවට පැමිණීමට අපේක්ෂා කෙරේ.

ෂෝල්ස් ගේ සංචාරය සඳහා පසුබිම සකස් කිරීම සඳහා සඳුදා ප්ලොට්නර් ඉන්දීය  ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවී දෙරට එක්ව ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී දේශගුණික විපර්යාස, ආර්ථික විභවය සහ භූ දේශපාලනය විභව දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුන ලෙස හඳුනාගෙන ඇති බව පැවසේ.

ප්ලොට්නර් වාර්තාකරුවන්ට පැවසුවේ ඉන්දියාවේ හඬ රුසියාව ඇහුම්කන් දෙන නිසා එය යුද්ධය අවසන් කිරීමේදී වැදගත් බවයි. 

කෙසේ වෙතත්, රුසියාව යුක්රේනයෙන් ආක්‍රමණික හමුදා ඉවත් කර ගැනීම සහ අර්ථවත් සාකච්ඡාවල නිරත වන බවක් මෙතෙක් පෙන්වා නොමැති බවද ඔහු පෙන්වාදී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles