පාකිස්ථානය මාධ්‍යවේදීන්ට මාරාන්තික වෙලා

0
286

මාධ්‍ය නිදහසට ඇති දැඩි බාධාවන් සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීමකදී පාකිස්තානය රටවල් 180 ක් අතුරින් 157 තැනට ශ්‍රේණිගත කර ඇත.

වාර්තාකරුවන්ට මායිම් නැත (RSF) සංවිධානය විසින් පසුගිය වසරේ සිදුකළ ගෝලීය මාධ්‍ය ශ්‍රේණිගත කිරීම්වලදී පාකිස්තානය 145 වැනි ස්ථානයට පත්විය.

සෑම වසරකම ජනමාධ්‍යවේදීන් සිව්දෙනකු හෝ ඊට වැඩි ගණනක් ඝාතනය වන, මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ මාරාන්තික රටක් ලෙස RSF විසින් පාකිස්තානය විස්තර කර තිබේ.

පාකිස්ථානයේදී සීමාව ඉක්මවා කටයුතු කරන ඕනෑම මාධ්‍යවේදියෙක් පැහැරගෙන යාමට සහ රඳවා තබා ගැනීමට ලක්වන බවයි එම සංවිධානය නිරීක්ෂණය කර ඇත.

පුවත්පත් කලාව ආරක්ෂා කිරීමේ මුවාවෙන්, රජයට සහ සන්නද්ධ හමුදාවන්ට එරෙහි ඕනෑම විවේචනයක් වාරණය කිරීමට පාකිස්ථාන නීතිය යොදා ගනු ලබන බවද RSF පෙන්වාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here