Friday, April 19, 2024

පාකිස්තානයේ ඉන්ධන මිල තවත් ඉහලට

ඉදිරි වසර වෙනුවෙන් පාකිස්තාන අයවැය ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයකට පසු පෙට්‍රල් සහ ගෑස් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට ඉහළ නැංවීමට පකිස්ථාන රජය පියවර ගෙන තිබේ.

ඩොලරයට සාපේක්ෂව පාකිස්ථාන රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 22.20 කින් ඉහළ යෑමත් සමග දැන් පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 272 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අංශයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 17.20කින් ඉහළ දැමීමෙන් පසු එය රුපියල් 280 දක්වා ඉහළ ගොස් තිබේ.

භූමිතෙල් රුපියල් 12.90 කින් ඉහළ දැමීමෙන් පසුව වර්තාමන ලීටරයක් රුපියල් 202.73 ක් ලෙස සටහන් වෙයි.

මේ අතර, ඔටෝ ඩීසල් රුපියල් 9.68 කින් වැඩි වීමෙන් පසු ලීටරයක් රුපියල් 196.68 ක් දක්වා ඉහල ගොස් ඇත.

ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල වැඩිවීම IMF පූර්ව කොන්දේසිවලින් එකක් වන නමුත්, මෙම පොයවර නිසා පාකිස්තානයේ දැනටමත් වාර්තාගත ඉහළ උද්ධමනය තවදුරටත් ඉහල නැංවීමට තුඩු දෙනු ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles