Saturday, April 27, 2024

චීන දේශපාලකයකුගේ බ්‍රිතාන්‍යය සංචාරයක් හදිසියේ අවලංගු කෙරේ

චීනයේ බටහිර ප්‍රදේශයේ ෂින්ජියැන්ග් හි ආණ්ඩුකාරවරයා මේ සතියේ බ්‍රිතාන්‍යයට නොපැමිණෙන බව එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය වාර්තා කරයි.

ඒ ෂින්ජියැන්ග් කලාපයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ලවූ අඛණ්ඩ චෝදනා හේතුවෙනි.

මෙම සතියේ ආණ්ඩුකාර අර්කින් ටූනියාස් සංචාරය කළේ නම්, ෂින්ජියැං කලාපයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කිරීම සඳහා ඔහු හමුවීමට සූදානම්ව සිටි බව බ්‍රිතාන්‍ය නිලධාරීන් පවසා ඇත.

ෂින්ජියැන්ග් හි මිලියන 10ක් පමණ වන ප්‍රධාන වශයෙන් මුස්ලිම් වාර්ගික සුළුතරයක් වන උයිගුර්වරුන්ට එරෙහි අපයෝජනයන්, සිර කඳවුරුවල බලහත්කාරයෙන් ශ්‍රමය විශාල වශයෙන් භාවිත කිරීම ඇතුළුව මානව හිමිකම් කඩකිරීම් ගැන අයිතිවාසිකම් කණ්ඩායම් බීජිනයට චෝදනා කරනු ලබයි.

චීනය එම පළාතේ කාන්තාවන් බලහත්කාරයෙන් වඳ භාවයටපත් කළ බවට ද චෝදනා එල්ලවී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles