දේශපාලනය නොකරන බව පාකිස්තාන හමුදා ප්‍රධානියා කියයි

0
307

පාකිස්තාන යුද හමුදාව දේශපාලනයට මැදිහත් නොවන බව හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් පැවසුවේ යැයි නිව්ස් ඉන්ටර්නැෂනල් වාර්තා කරයි.

දේශපාලන නායකත්වය තම ගැටළු තනිවම විසඳා ගත යුතු බව ප්‍රවෘත්ති වැඩසටහනකදී ඔහු පවසා තිබේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ප්‍රධානී ඉම්රාන් ඛාන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ රටේ පුළුල් අවශ්‍යතා වෙනුවෙන් හමුදා ප්‍රධානියා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, හමුදා ප්‍රධානියා ලෙස දේශපාලකයන් හමුවීම තම කාර්යය නොවන බවයි.

හමුදාව දේශපාලනයට ඇඟිලි නොගසන බවත් ඒ සඳහා කිසිදු කාර්යභාරයක් ඉටු නොකරන බවත් අසීම් ප්‍රකාශ කර ඇත.

මේ අතර නෙරපා හරින ලද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රතිපත්ති පාකිස්තාන හමුදාවට සහ රටේ ජනගහනය සමඟ එහි සබඳතාවට තර්ජනයක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදී තිබේ.

මුනීර් සහ සභාග ආණ්ඩුව මුහුණ දෙන ඉතාම හදිසි සහ ක්ෂනික තර්ජනය වන්නේ ඉම්රාන් ඛාන්ගේ ජනතාවාදී යැයි කියන ප්‍රකාශ බව බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here