Friday, April 26, 2024

හොන්ඩා පාකිස්ථානයෙන් සමුගනී

පකිස්ථාන මූල්‍ය අර්බුදය හමුවේ තවත් මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන හොඳා (Honda) සමාගම එරට සිය කම්හල වසා දමන බව නිවේදනය කර ඇත.

ඊට හේතුව ලෙස ඔවුන් ප්‍රධාන වශයෙන් පෙන්වා දී ඇත්තේ සැපයුම් දාමයේ ඇති වූ බාධාවන්ය.

පාකිස්ථානයේ Honda මෝටර් රථ එකලස් කිරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක වූ Honda Atlas Cars සමාගම දැනට රටේ පවතින තත්වය හමුවේ මාර්තු 09 සිට 31 දක්වා පළමු පියවර ලෙස වසා තබන බව නිවේදනය කර තිබේ.

සමාගම ප්‍රකාශ කළේ තම නිෂ්පාදන අඛණ්ඩව කරගෙන යාමට නොහැකි බැවින් කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම වසාදැමීම කෙරෙහි සලකා බලමින් සිටින බවයි.

පාකිස්ථානයේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොටස් කළ වාහන සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා එරට රජය විසින් ණයවර ලිපි විවෘත කිරීම සීමා කිරීමත් විදේශ ගෙවීම් නැවැත්වීමටත් පියවර ගෙන ඇත.

එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් සමාගමේ සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල වූ බවයි හොන්ඩා සමාගම පෙන්වා දෙන්නේ.

මීට පෙර, පකිස්ථානයේ Toyota සන්නාමයේ මෝටර් රථ එකලස් කරන Pakistan Sukuzi Motor Company සහ Indus Motor Company යන සමාගම් ද සිය නිෂ්පාදන කම්හල් සම්පූර්ණයෙන්ම වසාදැමීමට පියවර ගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles