Friday, April 26, 2024

ආරක්ෂක උපකරණ නිපදවීමට ඉන්දීය-බංග්ලාදේශ හවුලක්

ඉන්දියාවේ ලාභදායී සහ උසස් තත්ත්වයේ හමුදා ආම්පන්න වලින් ප්‍රතිලාභ ලබා ගන්නා අතරතුර ඒකාබද්ධව ආරක්ෂක උපකරණ සංවර්ධනය හා නිෂ්පාදනය සඳහා එක් වන්නැයි ඉන්දියාව බංග්ලාදේශයට ඇරයුම් කර තිබේ.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීමේ කොටසක් ලෙස ඩකා හි පැවති ඉන්දීය ආරක්ෂක උපකරණ (SIDE) පිළිබඳ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනයක් ඉදිරිපත් කරමින් ඩකාහි ඉන්දීය මහ කොමසාරිස් Pranay Verma මේ අදහස් පළ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙර ඉන්දියාව විසින් බංග්ලාදේශයට ලබා දුන් ඩොලර් මිලියන 500 ක ආරක්ෂක ණය පහසුකම හරහා බංග්ලාදේශය සමඟ ආරක්ෂක නවීකරණයට හවුල් වීමට ඉන්දියාවේ සූදානම ද මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආරක්ෂක කර්මාන්ත සහයෝගීතාව ඔවුන්ගේ ආරක්ෂක හවුල්කාරිත්වයේ නැගී එන කේන්ද්‍රීය අංශයක් ලෙස මහ කොමසාරිස්වරයා හඳුන්වා දුන්නේය.

“Make in India, Make for the World” යන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම මගින් මෙහෙයවනු ලබන පසුගිය දශකයකට ආසන්න කාලය තුළ ඉන්දියානු ආරක්ෂක කර්මාන්තයේ ජයග්‍රහණ ඔහු ඉස්මතු කළේය.

බංග්ලාදේශ යුද හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අටවුල් හකිම් සර්වාර් හසන් ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන හැකියාවන් අගය කළ අතර ආරක්ෂක කර්මාන්ත හවුල්කාරිත්වය සඳහා දෙපාර්ශවය අතර සමීප සහයෝගීතාවයක් යෝජනා කළේය.

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ඉන්දීය ප්‍රධාන ආරක්ෂක මෙවලම් නිෂ්පාදකයෝ පිරිසක් මෙම සම්න්ත්‍රණය සඳහා සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles