ඉන්දියාවේ දැවැන්තම යුද අභ්‍යාසය සාර්ථකව අවසන් කෙරේ

0
272

ඉන්දීය නාවික හමුදාවේ මෙතෙක් පැවති විශාලතම ද්විවාර්ෂික අභ්‍යාසය වන ‘ට්‍රොපෙක්ස්’ නැව් 70 ක්, සබ්මැරීන 06ක් සහ ගුවන් යානා 75 කට වැඩි ප්‍රමාණයක සහභාගීත්වයෙන් පසුගියදා අවසන් කෙරිණි.

මෙම අභ්‍යාසයේදී වර්ග නාවික සැතපුම් මිලියන 21 කට අධික ප්‍රමාණයක් ආවරණය කළ බව නාවික හමුදා නිලධාරීන්හු ප්‍රකාශ කළහ.

සංකීර්ණ අභ්‍යාස සහ නාවික හමුදාව සතු සියලුම යුධෝපකරණ ක්‍රියාත්මක කිරීම ට්‍රොපෙක්ස් හි ඇතුළත් වීම විශේෂත්වයක් වේ.

පසුගිය නොවැම්බරයේ ආරම්භ වූ මෙම අභ්‍යාසය සඳහා ඉන්දීය යුද හමුදාව, ඉන්දීය ගුවන් හමුදාව සහ වෙරළාරක්ෂක බළකාය සහභාගී විය.

අවසාන අදියරේ කොටසක් ලෙස, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දේශීයව නිෂ්පාදනය කරන ලද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන වික්‍රන්ට් මත මුහුදේ දවසක් ගත කළේය.

ඔහු ඉන්දියානු නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම සහ යුධෝපකරණ සූදානම සමාලෝචනය කරන ලද අතර එහිදී නාවික හමුදාව දේශීය සැහැල්ලු සටන් ගුවන් යානාවල මෙහෙයුම් සහ සජීවී ආයුධ වෙඩි තැබීම් ඇතුළු සටන් මෙහෙයුම්වල විවිධ පැතිකඩයන් ප්‍රදර්ශනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here