Wednesday, April 24, 2024

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය ගැන බටහිර යළි තැති ගනී

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ටෙහ්රීක් ඊ තාලිබාන් – පාකිස්තාන්හි (TTP) ත්‍රස්තවාදීන් පාකිස්තානයට පමණක් නොව එක්සත් ජනපදයට සහ එහි මිත්‍ර පාර්ශ්වයන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් ලෙස හඳුනා ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල ඇෆ්ගනිස්තානය පිළිබඳ විශේෂ නියෝජිතයන් ප්‍රංශ අගනුවරදී රැස්වී ඇෆ්ගන් තත්ත්වය පිළිබඳ කළ සාකච්ඡාවේදී මෙම අදහස් පළවිය.

ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය-කොරාසාන් පළාත (ISKP), අල් කයිඩා, TTP සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම්වල වැඩිවන තර්ජනය සම්බන්ධයෙන් කණස්සල්ල පළ මෙම කළ කණ්ඩායම, “රට තුළ, කලාපය තුළ සහ ඉන් ඔබ්බට ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳව ගැඹුරින් සලකා බලන ලෙස මෙම විශේෂ නියෝජිතයන් තලේබාන් සංවිධානයෙන් ඉල්ලා ඇත.

ඇෆ්ගන් කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් සහ රාජ්‍ය නොවන සංවිධානවල (NGO) වැඩ කිරීම තහනම් කිරීමට තලේබාන් සංවිධානය ගත් තීරණ ඔවුන් දැඩි ලෙස හෙළා දුටුවේය.

මානුෂීය ආධාර වඩාත් අවශ්‍ය ඇෆ්ගනිස්ථානුවන් වෙත ළඟා වීම තලේබාන් සංවිධානය විසින් වළක්වන බැවින්, පිළිගත නොහැකි මෙම තහනම් කිරීම් වහාම ආපසු හැරවිය යුතු බව ඔවුහු ඉල්ලා සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles