Friday, April 19, 2024

ඇෆ්ගනිස්ථානය ගැන ඉන්දියාව කතාකරයි

ඇෆ්ගනිස්ථාන භූමිය ත්‍රස්තවාදී ක්‍රියා සඳහා භාවිත කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව ඇෆ්ගනිස්ථානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීම අමතමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් අවධාරණය කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ තත්වය ගැන අදහස් පළකරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, රටේ මානුෂීය තත්වය “දැඩිසේ දුක්ඛිත” බවයි.

පසුගිය වසර තුළ ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට ලබා දුන් මානුෂීය ආධාර පිළිබඳව ද ඇය ආරක්ෂක කවුන්සිලය දැනුවත් කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සුබසාධනය සහ පුනරුත්ථාපනය සඳහා UNODC සමඟ ඉන්දියාව හවුල්කාරීත්වයෙන් කටයුතු කරන බවද ඉන්දීය නියෝජිතවරිය එහිදී පෙන්වාදී ඇත.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් පොදු ජන ජීවිතයෙන් ඉවත් කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන්ද ඉන්දියාව කනස්සල්ල පළ කර තිබේ. කාන්තාවන් සහ සුළු ජාතීන් ඇෆ්ගනිස්ථානයේ අනාගතයට ඇතුළත් කරන ලෙසත්, ඔවුන්ගේ අයිතිවාසිකම්වලට පූර්ණ ගරු කරන ලෙසත් ඉන්දියාව ඉල්ලා සිටී.

“ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඛණ්ඩව අපගේ ප්‍රමුඛතාවය වන බවත් ඉන්දියාව ඇෆ්ගනිස්ථාන ජනතාවට සහය දැක්වීම සඳහා දිගටම කතා කරන බවත් මම නැවත වරක් අවධාරණය කිරීමට කැමැත්තෙමි. ඇෆ්ගනිස්ථානයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා අප සියලු දෙනාම සාමූහිකව උත්සාහ කළ යුතු අතර මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව සිය නිර්මාණාත්මක කාර්යභාරය දිගටම ඉටු කරනු ඇත.” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles