ආයුධ සඳහා ඉන්දියාව තවත් කෝටි 70,500ක් වෙන් කරයි

0
258

ආයුධ ප්‍රසම්පාදනය වෙනුවෙන් වන ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම ආයතනය ඉන්දීය රුපියල් කෝටි 70,500ක් වටිනා අවි ආයුධ හා මෙවලම් මිලදී ගැනීම අනුමත කර ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත.

මෙහිදී දේශීයව නිර්මාණය කරන ලද, සංවර්ධනය කරන ලද සහ නිෂ්පාදනය කරන ලද මෙවලම් සහ අවි ආයුධ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ලබන බව පැවැසේ.

මෙම ප්‍රතිපාදන අතුරින් ඉන්දීය රුපියල් කෝටි 56,000ක්ම වෙන් කර ඇත්තේ ඉන්දීය නාවික හමුදාවට බව එරට ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් ඉන්දීය ජනමාධ්‍ය ප්‍රකාශ කරයි.

මේවාට බොහෝ දුරට දේශීය BrahMos මිසයිල, Shakti Electronic Warfare (EW) පද්ධති සහ සමුද්‍ර උපයෝගීතා හෙලිකොප්ටර් ඇතුළත් වේ.

නවතම යෝජනා ඇතුළුව, වත්මන් 2022-23 මූල්‍ය වර්ෂය තුළ ප්‍රාග්ධන අත්පත් කර ගැනීම් සඳහා ලබා දී ඇති අනුමැති ලැබුණු යෝජනා ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.71 ඉක්මවයි.

මේ ප්‍රසම්පාදනවලින් සියයට 99ක්ම ලබාගන්නේ ඉන්දීය කර්මාන්තවලිනි. “මෙවැනි දේශීය ප්‍රසම්පාදන ප්‍රමාණය ආත්මනිර්භාර් භාරතයේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියානු කර්මාන්ත දිරිමත් කරනු ඇත” යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here