අධීවේගී මාර්ග අවවේගී මාර්ග වෙයි!

0
621

අද (16) පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසීය. පිටපළාත් දක්වා ගමන්ගත් පිරිස් හෙට දිනයේ රාජකාරී පිණිස වාර්තා කළ යුතු බැවින් මෙසේ විශාල පිරිසක් අධිවේගී මාර්ගයට සිය වාහන එක් කිරීම නිසා ඒහි ධාවනය පැ.කි.මී 30-40ත් අගයකින් යුක්ත වූ බව ඇතැම් රියදුරෝ මැසිවිලි නැගූහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ප්‍රදේශයේ ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබුණි. ඒමෙන්ම පිටවීමේ දොරටු අසල විශාල කාලයක් මිඩංගු කිරීමට සිදුවූ බවටද චෝදනා නැගිණි.

එමෙන්ම අධිවේගී මාර්ගවල අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. 

මේ අතර ඊයේ (15) දිනය තුළ පමණක් අධිවේගී මාර්ගවලින් ලැබූ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here