ඔත්තු බැලූ චීන බැලූන ගැන තවත් තොරතුරු රැසක් එළියට

0
701

එක්සත් ජනපද බුද්ධි අංශ විසින් චීන ඔත්තු බැලූන් හතරක් සම්බන්ධයෙන් වාර්තා කර ඇතැයි මෑතකදී කාන්දු වූ රහසිගත පෙන්ටගනයේ ලේඛන උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් විසින් වාර්තා කළේය.
ජනවාරි හා පෙබරවාරි මාසවල මෙම බැලූන එක්සත් ජනපදයට ඉහළින් පියාසර කර ඇත.
මෙම බැලූන් කුප්‍රකට අපරාධකරුවන්ගේ නමින් සහ අකාරාදී පිළිවෙලට නම් කර තිබේ.
ඇමරිකානු රජය තවමත් හඳුනාගෙන නොමැති සංවේදක සහ ඇන්ටෙනා රාශියක් මෙම බැලූනවල රැගෙන ගොස් ඇති බව අදාල ලේඛනයේ දැක්වේ.
මේ අතර එම රහසිගත ලේඛන හෙළි කළ ගුවන් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන ජැක් ටෙක්සෙයිරා මේ වන විට අත්අඩංගුවේ පසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here