Sunday, May 5, 2024

චීනයේ කඩා වැටෙන නිෂ්පාදන ක්ෂේත්‍රය

චීනයේ බොහෝ කර්මාන්තශාලා වැසීයමින් තිබෙන බව ද ඩිප්ලොමැට් වාර්තා කරයි.
Guangdong පළාතේ ඩොන්ගුවාන් නගරය කලක් “ලෝකයේ කර්මාන්තශාලාව තුළ ලෝකයේ කර්මාන්ත ශාලාව” ලෙස හැඳින්වුණු අතර මේ වන විට කර්මාන්ත වැසී යන නගරයක් බවට පත්ව තිබේ.
නගරයේ විශාලතම යට ඇඳුම් නිෂ්පාදකයා වන “Gogo ගාමන්ට්” කර්මාන්තශාලාව වසා දැමීමට සිදුවුණේ ඇණවුම් අඩුවීම සහ දේශීය වෙළඳපොළට ඇතුළුවීමට ගත් උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන්.
Gogo ගාමන්ට්, 10,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වූ ශ්‍රම බලකායක් සමග සුප්‍රසිද්ධ ගෝලීය ඉහළ පෙළේ යට ඇඳුම් සන්නාම සඳහා විශ්වාසනීය හවුල්කරුවා විය.
6,000කට වැඩි පිරිසක් සේවය කරන Fortune 500 සමාගමක් වන “Koppo Electronics”, නිමි භාණ්ඩවල පසුබෑම සහ දේශීය හා ජාත්‍යන්තර ඇණවුම්වල තියුණු පහත වැටීමක් හේතුවෙන් මෙහෙයුම් නතර කිරීමට තීරණය කළේය.
ඩොන්ගුවාන් හි බොහෝ කර්මාන්තශාලා විශාල පිරිවැයක් සමඟ පොරබදමින් සිටින අතර කඩාවැටීමේ අවදානම ඔවුන් වෙත එල්ල වී ඇතැයි ද ඩිප්ලොමැට් වාර්තාවේ සඳහන්.
වර්තමාන නිෂ්පාදන තත්ත්වය අනුව අර්බුදයෙන් මිදීමට දේපළ වෙළඳාම් අංශයට ඇති හැකියාව සැක සහිත ය.
නිවාස වෙලඳපොල සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර 2023 පෙබරවාරි වන විට, චීනයේ වර්ග අඩි බිලියන 3.5 ක සම්පූර්ණ කරන ලද නේවාසික ගොඩනැගිලි අලෙවි නොවී ඉතිරිව ඇති අතර එය නේවාසික ඒකක මිලියන 4 කට පමණ සමාන වේ.
නිශ්චල දේපල උපදේශන ආයතන ඇස්තමේන්තු කරන්නේ 2022 දී චීනයේ අලුතින් ඉදිකරන ලද සියලුම නිවාසවලින් තුනෙන් එකක් පමණ නොවිකිණී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles