Friday, April 26, 2024

වතිකානයෙන් චීනයට දෝෂාරෝපණ

ශුද්ධාසනය විසින් පිළි නොගත් රදගුරු පදවියක බිෂොප්වරුන් පත්කිරීමෙන් චීනය ද්විපාර්ශ්වික ගිවිසුම උල්ලංඝනය කර ඇතැයි වතිකානය චෝදනා කරයි.
වෙනත් පදවියක රදගුරුවරයෙක් Jiangxi හි සහායක හෝ සහකාර බිෂොප්වරයා ලෙස පත් කර ඇති බව වතිකානුව “පුදුමයෙන් හා කනගාටුවෙන්” දැනගත් බව නිවේදනයේ දැක්වේ.
මෙම අනවසර ස්ථාපනය, බිෂොප්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් වතිකානුව සහ බීජිං අතර 2018 ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි වතිකානය පවසන්නේ.
Jiangxi රදගුරු පදවියක් ලෙස වතිකානය විසින් පිළිගෙන නොමැති අතර, මේ සම්බන්ධයෙන් වතිකානය චීන බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන අතර “සමාන සිද්ධීන් නැවත සිදු නොවනු ඇතැයි” බලාපොරොත්තු වූ බවද නිවේදනයේ දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles