ඉන්දියාවේ ව්‍යාපාර හිතකර පරිසරය CNN අගයයි

0
268

ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ඉන්දීය සංචාරය, ඉන්දියාව සමඟ ව්‍යාපාර කිරීමට සමාගම් දක්වන උනන්දුව වැඩි කරන බව CNN බිස්නස් වාර්තා කරයි.
කුක් පසුගිය මාසයේ ඉන්දියාවට පැමිණ සිටියේ නව දිල්ලියේ සහ මුම්බායි හි ඇපල් අලෙවි සැල් දෙකක් විවෘත කිරීම සඳහා ය.
CNN ව්‍යාපාර වාර්තාවට අනුව, ඔහුගේ සුවිශේෂී සංචාරයෙන් දින කිහිපයකට පසු, නවීනතම බ්‍රිතාන්‍ය සැන්ඩ්විච් දාමයක් වන Pret A Manger, එහි ප්‍රථම අලෙවිසැල මුම්බායි හි පිහිටුවීය.
මෑතක් වන තුරුම, බොහෝ රටවල් සහ සමාගම් “සියලු බිත්තර චීන කූඩයට දමා තිබුනා” යැයි දිල්ලි ආර්ථික විද්‍යා පාසලේ සම්මානිත මහාචාර්ය පාර්තා සෙන් උපුටා දක්වමින් CNN වාර්තා කළේ.
නමුත් බටහිර හා චීනය අතර ආතතීන් අඛණ්ඩව ඇවිලෙමින් පවතින විට, විවිධාංගීකරණය කිරීමේ පියවරකට යොමු වීමේදී, ඉන්දියාව එයට ගැලපෙන බව සෙන් CNN ව්‍යාපාරික වාර්තාවට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here