පොලීසියෙන් වාහන රියැදුරන්ගේ මුත්‍රා පරීක්ෂා කරයි…

0
392

බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පෙරේදා (19) රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ඊයේ රාත්‍රියේ සිට ඊයේ (20) උදෑසන දක්වා සිදුකරන ලද එම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කළ රියදුරන් තිදෙනෙකු බස් රථ සමග පොලිස් භාරයට ගෙන ඇත. 

මෙහිදී සිදුවන්නේ රියදුරන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂා කර ඔවුන් බීමත්ද නැත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමයි. 

මෙහිදී බීමත්යැයි සැක සිතන රියදුරන් පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් ඔවුන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂාවට ලක් කරනවා.

එමඟින් මත්පැන් පමණක් නොව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න පිළිබඳව ද තහවුරු කර ගැනීමට හැකි වන බවයි පොලීසිය පැවසුවේ.

මීට පෙර සිදුකෙරුණු පරීක්ෂණයේදී මත්පැන් පානය කර ඇත්ද යන්න පමණක් අනාවරණය කර ගැනීමයි සිදුවුණේ.

නව වැඩපිලිවෙල යටතේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය වර්ග 06 ක් භාවිත කර ඇත්දැයි අනාවරණය කර ගැනීමට හැකි වනවා. 

මීට පෙරද රියදුරන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂා කිරීම සිදුවුණා.

එහෙත් එය සිදුවූයේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේයි.

මෙවර එහි විශේෂත්වය වන්නේ අද සිට එම කටයුතු පොලීසියේ සෘජු මැදිහත්වීමෙන් සිදුකිරීමයි.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ කට්ටල මේ වන විට පොලිස් ස්ථාන වෙත ලබාදී තිබෙනවා.

අද එය ක්‍රියාත්මක වන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙසින් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

එය පළමුව ආරම්භ වන්නේ බස්නාහිර පළාතෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here