ඉන්දීය ‘ලාද්ලි‘ (හිතවතිය) සම්මානය සුනන්දාට සහ විනීතාට

0
718

ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව සහ ප්‍රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන ” ලාද්ලි ” සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදිනී විනීතා එම්.ගමගේ මහත්මිය සහ විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය දිවයිනට පැමිණියහ .

ශ්‍රී ලංකාවට පළමු වරට මෙම සම්මානය හිමි වී තිබූ අතර ඉකුත් 12/12 දින ඉන්දියාවේ මුම්බායි නුවර ජාතික ප්‍රසාංගික කළා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී මෙම සම්මානය ඔවුන්ට පිරිනමා තිබුණි .

එහිදී ඇෆ්නිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාධ්‍යවේදිනියෝ 11 දෙනෙක් සම්මානයෙන් පිදුම් ලැබූහ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඉන්දීය නියෝජිත ඇන්ඩ්‍රියා වෝනර්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේදී සම්මානනීය බොලිවුඩ් රංගවේදිනියක වන රසිකා ඩූගල් අතින් විනීතා සහ සුනන්දා යන මහත්මීන් සම්මාන ලබාගත්තා.

මෙම සම්මානය දිනා ගත් විනීතා එම්.ගමගේ මහත්මිය ‘මව්බිම‘ පුවත් පතේ සහකාර කර්තෘවරිය ලෙස සේවය කරන අතර සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය චැනල් අයි රූපවාහිනී සේවයේ හිටපු නාලිකා ප්‍රධානියා ලෙස සේවය කර තිබේ .