Saturday, September 21, 2024

එක්නැළිගොඩ ඝාතනයට ප්‍රබලන් දෙදෙනෙකු ගැන සැකයක්!

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති ලූතිනන් කර්නල් ශම්මි ඇතුළු හමුදා නිලධාරීන් කිහිප දෙනකු ඊට ඍජුවම වගකිවයුතු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔවුන් කවරකුගේ උවමනාව මත මෙම අතුරුදන් කිරීම සිදු කළාද යන්න සම්බන්ධව රහස් පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

එහි දී ප‍්‍රධාන වශයෙන් පුද්ගලයන් දෙදෙනකු වෙත රහස් පොලිසියේ සැකය එල්ල වී ඇත.

ඉන් එක් පුද්ගලයකු පසුගිය ආණ්ඩුව සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරී තනතුරක් දැරුවකු වන අතර අනෙක් පුද්ගලයා වර්තමාන ආණ්ඩුවේ ද ප‍්‍රබල අමාත්‍යවරයෙක් බව සඳහන් වේ.

මෙම අමාත්‍යවරයා ලූතිනන් කර්නල් ශම්මිගේ ඉතා සමීප මිතුරෙකි. එක්නැළිගොඩ මහතා එම අමාත්‍යවරයා පිළිබඳ යම් යම් තොරතුරු වාර්තා කළ නිසා එක්නැළිගොඩ මහතා පිළිබඳ නොපැහැදීමෙන් හුන් අමාත්‍යවරයා සතුටු කිරීම උදෙසා ශම්මි නමැත්තා විසින් මෙම අතුරුදන් කිරීම සිදු කළේදැයි යන්න එක් සැකයකි.

අනෙක් සැකය වන්නේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියකුගේ ඍජු අණ කිරීම මත මෙම අතුරුදන් කිරීම සිදු කළේද යන්නයි.

කෙසේ හෝ මේ වන විට එක්නැළිගොඩ පරීක්ෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන්ට එරෙහිව කරුණු හතරක් යටතේ නඩු පැවරීමට රහස් පොලිසිය කටයුතු කරමින් සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles