Thursday, May 16, 2024

ජනපති ලේකම් කාර්යාලයේ තිබූ CSN කුටියේ ඇත්ත කතාව!

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) නාලිකාව රාජපක්ෂ පවුල සතු නොවන බවට ඔවුන් කරුණු ඉදිරිපත් කරද්දී, පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය තුල CSN නාලිකාවේ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ඉඩ ලබාදුන්නේ ඇයිද යන්න කාරණය පිළිබඳ පැනයක් මතුවේ.  

සියලුම ආරක්ෂාව සහිත සුවිශේෂී කාමරයක් CSN නාලිකාවට ජනපති ලේකම් කාර්යාලය තුල ලබාදී තිබුණ බවත් එය පාවිච්චි කලේ නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සමීපතමයන් කීප දෙනෙක් මිස CSN නාලිකාවේ අනෙක් කිසිඳු නිලධාරියෙක් එයට නොපැමිණි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

තවද CSN නාලිකාව සතු ඉතා වැදගත් සීඩී තැටි බොහොමයක් මෙම ජනපති ලේකම් කාර්යාලය තුල පිහිටි විශේෂ කාර්යාලයේ තබා තිබුණ බවද වාර්තාවේ. ජනවාරි 8 දින මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ලැබූ අනපේක්ෂිත පරාජය සමග මෙම විශේෂ කුටියෙන් අදාල සීඩි ඇතුලු දේ ඉවත් කරගන්නට නාමල් රාජපක්ෂ ඇතුලු පිරිසට අමතක වන්නට ඇතැයි පැවසේ.

“අපි විශ්වාස කරනවා මේ සීඩී 1000 කට වැඩි ප්‍රමාණය සහ ලිපිගොනු වැනි දේ අරගෙන යන්නට ඒ අයට අමතක වෙන්න ඇත. රාජපක්ෂලා අද CSN එක තමන්ගේ කියලා පිලිගන්න එක ප්‍රතික්ෂේප කලත් අපි අහන්න කැමතියි බාහරි පුද්ගලික සමාගමකට කොහොමද අවසර ලැබුනේ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ විශේෂ කාර්යාලයක් කරගෙන යන්න

ජනාධිපතිවරයාට පමණය් බලය තියෙන්නේ මේ කාර්යාලය ඇතුලේ තවත් කාර්යාලයක් පවත්වගෙන යන්නට ඉඩ දෙන්න. CSN කළමණාකාරිත්වය කියනවනම් රාජපක්ෂ පවුල සමග තමන්ගේ ආයතනයේ සම්බන්ධයක් නෑ කියලා අපරාධ පරීක්ෂණ අංශ වලින් ඉල්ලන්නේ වහාම සොයාබලන්න ජනපති ලේකම් කාර්යාලය ඇතුලේ පුද්ගලික ආයතන කාර්යාල හදාගත්තේ කොහොමද කියලා. මොකද ඒක ආරක්ෂාවට දැඩි තර්ජනයක්“

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධිකාරක රොහාන් වැලිවිට ප්‍රකාශ කර සිටියේ CSN ආයතනයට බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ කාර්යාලයක් පවතිද්දී ජනාධිපති ලේකම් කාර්යාලය තුල තවත් කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බවයි.

“මාධ්‍ය සහ වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැහුවට කමක් නෑ, අපි ඒ ගැන වදවෙන්නේ නෑ. මම ගිය සතියේ හිටියේ ඉන්දියාවේ, එහේදි ඉන්දියාවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවෙලා කිව්වා වත්මන් ආණ්ඩුවේ උත්සහය ජනතාව නොමග යවන එක කියලා. මම ලබන සතියේ මම සිංගප්පූරුවට ගිහින් එහේ මාධ්‍ය ප්‍රධානීන් හමුවෙලත් ඒ පණිවිඩය ඔවුන්ටත් දෙනවා“ වැලිවිට මහතා සඳහන් කලහ.

නිර්මලා කන්නන්ගර

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles