Saturday, September 21, 2024

සල්ලි තොග පිටින් කොල්ලකන ඊශ්‍රායල් රැකියා ජාවාරම

ඊශ‍්‍රායල් හි රැකියා සඳහා පිටත් වන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සහ එම රටේ සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගසා කෑමේ මහා පරිමාණ ජාවාරමක් කි‍්‍රයාත්මක වෙමින් පවතී. මෙම ජාවාරම මෙහෙයවනු ලබන්නේ ඊශ‍්‍රායල් හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනවල කටයුතු කරන පුද්ගලයන් කිහිප දෙනකු ඒකාබද්ධවය.

ඊශ‍්‍රායලයේ රැකියාවක් සඳහා පිටත්ව යාමට ගෙවිය යුතු රජයේ අනුමත ගාස්තුව රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් වුවත් රැකියා නියෝජිත ආයතන විසින් ඒ සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලකුත් පිරිමින්ගෙන් රුපියල් ලක්ෂ 18ත් 25ත් අතර මුදලකුත් අය කෙරේ. අදාළ මුදලට අමතරව තැන්පත් මුදලක් ලෙස තවත් රුපියල් ලක්ෂ තුනක මුදලකුත් අය කිරීමට කටයුතු කරයි. මේ සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කරනු ලැබුවත් එහි ඉහළ නිලධාරීන්

රැකියා නියෝජිත ආයතන සමඟ පවතින සම්බන්ධතාව සහ අල්ලස්වලට ගිජුව සිටීම නිසා කිසිදු පැමිණිල්ලක් මෙතෙක් විභාග කර නැත. රැකියා සඳහා පිටත් වීමේ දී මෙන්ම ඊශ‍්‍රායලයේ රැකියාවේ යෙදී සිටින ශ‍්‍රමික පිරිස් වෙතින් ද ජාවාරම කි‍්‍රයාත්මක කෙරෙන අතර දැනටමත් එවැනි ජාවාරමුන්ට හසු වූ විශාල ශ‍්‍රී ලාංකික ශ‍්‍රමික පිරිසක් ඊශ‍්‍රායලයේ සිටිති. ඊශ‍්‍රායලයේ සාත්තු සේවිකා

රැකියාව සඳහා පිටත් වී යන කාන්තාවන්ගෙන් ඊශ‍්‍රායලයට සංක‍්‍රමණය වූ මොහොතේ සිටම ලිංගික අල්ලස් ලබා ගැනීමේ ජාවාරමක් ද කි‍්‍රයාත්මක වෙයි.  මේ සම්බන්ධව එරට තානාපති කාර්යාලයටත් විදේශ සේවා නියුත්ති කාර්යාංශයටත් පැමිණිලි කළත්  ඵලක් වී නැත.

මුදල් ගසාකෑමෙහි ලිංගික අල්ලස් ගැනීමෙහි යෙදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ විදේශ රැකියා නියෝජිත ආයතනවලට සම්බන්ධ ශ‍්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසකි. ඔවුන් ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවත් මේ නිසා මේ ජාවාරමට එරෙහිව කි‍්‍රයා කරන්නට රජයට නොහැකි වී ඇති බවත් ශ‍්‍රී ලංකා – ඊශ‍්‍රායල් ශ‍්‍රමික බළකාය  සඳහන් කරයි. ජාවාරමට සම්බන්ධ රැුකියා නියෝජිත ආයතන සහ රජයේ නිලධාරීන් පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඉදිරියේ දී CIA වෙතින් බලාපොරොත්තු වන්න.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles