Wednesday, May 1, 2024

රනිල් එලවන්නට ආණ්ඩුව ඇතුලෙන්ම කැරැල්ලක්!

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් නෙරපා දමා එ.ජා.ප හෝ ශ්‍රී.ල.නි.ප ප්‍රබලයෙක් එම තනතුරට පත්කිරීමට කැරැල්ලක් ආණ්ඩුව තුලින්ම ආරම්භවී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය දින කීපයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අත්තනෝමතිකව මුදල් අමාත්‍යංශය ඇතුලු අමාත්‍යංශ කීපයකම කටයුතු වලට අනවශ්‍ය ඇඟිලි ගසමින් අදාල අමාත්‍යවරුන්ගේ කාර්යයන් සිදුකිරීමට ඉඩ නොදීම, අදාල අමාත්‍යංශවල ප්‍රධානීන්ට ඉවත්වන්නට යැයි බලකිරීම යන කාරණා මින් පෙර අප විසින් ඊයේ දිනයේ වාර්තා කල අතර එහි ආසන්නතම ගොදුර බවට පත්වූයේ අමාත්‍ය රවී කරුණානායකය.

එසේම ඇවන්ට් ගාර්ඩ් සිදුවීම, ලසන්න-ප්‍රගීත් ඝාතනය, උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට පහරදීම යන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව තුලම පරස්පර මතවාද මතුවී තිබීම මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එහිදී රජය වෙනුවෙන් පෙනී නොසිටීම යන කාරණා පදනම් කරගෙන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කීපදෙනෙක්ම එක්ව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව සන්නද්ධ වෙමින් සිටිති.

මෙම තත්වය එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පුපුරා යාමට බොහෝ දුරට ඉඩ ඇති අතර, අගමැතිවරයා තනතුරෙන් ඉවත්කර ඒ වෙනුවට සුදුසු අයෙක් පත්කිරීමට රජයට සහ ජනපතිවරයාට දැඩි බලපෑමක් කිරීමට රජය තුලින් එකතුවන කණ්ඩායම වේගයෙන් වර්ධනය වෙන බවද දැනගන්නට ලැබේ.

 

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles