Saturday, May 4, 2024

චැනල් 4 විකුණන්නට බ්‍රිතාන්‍ය රජය සැරසෙයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිමැවුණු චිත්‍රපට ප්‍රදර්ශනය හේතුවෙන් කතාබහට ලක්වුණු බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී සේවාව පුද්ගලික අංශයට විකුණා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බවට හෙළිදරව්වක් එරට ජනමාධ්‍ය විසින් සිදු කොට තිබේ.

චැනල් 4 සඳහා පුද්ගලික ආයෝජන ලබාගැනීමට තමන් උත්සාහ ගන්නා බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තහවුරු කර ඇතැයි ‘ද ගාඩියන්’ පුවත්පත ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍යය අනාවරණය කළේය

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව දක්‌වමින් චැනල් 4 වීඩියෝ පට කිහිපයක් නිර්මාණය කර තිබේ.

ඉන් එකක් වන කැලම් මැක්රේ ගේ No Fire Zone යුද මුක්ත කලාපය ශ්‍රී ලංකාවේ ඝාතක භුමි නමින් සිංහලට නගා නොමිළේ දර්ශනය සඳහා අන්තර්ජාලයට මුදා හැර තිබේ.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා කනිෂ්ට අමාත්‍යවරියක වූ නෙවිල් රෝල්ෆ් මීට පෙර ප්‍රකාශ කර තිබුනේ චැනල් 4 රුපවාහිනී සේවාව පෞද්කලිකරණය නොකරන බවයි

එහෙත් චැනල් 4 නාලිකාවේ නිලධාරියකු රුපවාහිනී සේවාව විකිනීමට අදාල ලිපි ගොනුද සහිතව බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසට යන අයුරු ඡායාරූප ගතකොට සාක්ෂි ලෙස මුදා හැරීමත් සමගම නාලිකාව විකිණීමේ සැලැස්ම හෙළිදරව් විය.

හෙළිවූ ලියවිලි

අදාල ලියකියවිලි වලින් ප්‍රකාශ වී තුබුණේ චැනල් 4 නාලිකාව පෞද්ගලිකරණය කිරීම සඳහා වන හැකියාවන් පිළිබඳව සොයා බැලිය යුතු බවයි

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතු අමාත්‍ය සජිඩ් ජාවිඩ්, සංස්කෘතික කටයුතු අමාත්‍ය ජෝන් විටින්ගේට් සහ කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරයෙ කු වූ මැට් හැන්කොක් සාකච්ඡාවට එක්ව ඇති බව එහි දී අනාවරණය විය

චැනල් 4 විකිණීම සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත බ්‍රිතානයේ ලේබර් පක්ෂය පසුගිය බදාදා චෝදනා කළේය.

සංස්කෘතික කටයුතු භාර ලේබර් පක්ෂයේ අමාත්‍ය ප්‍රකාශක මයිකල් ඩුගර් චැනල් 4 විකිණීමට ඉඩ දීම හැඳින්වුයේ එම ආයතනය මහජන සේවා විකාශන වෙනුවෙන් දක්වන කැපවීමට තර්ජනයක් ලෙසයි.

නිවේදනයක් නිකුත් කරන බ්‍රිතාන්‍යයේ සංස්කෘතික, ජනමාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ චැනල් 4 ප්‍රතිව්‍යුහකරණය සම්බන්ධයෙන් රජය අවසාන තීන්දුවක් ගෙන නැති බවයි.

ආයතනයේ විධායක නිලධාරීන් චැනල් 4 පුද්ගලීකරණයට දැඩි විරෝධයක් දක්වන අතර එහි සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සැලසුම ලාබ නොලබන මහජන මාධ්‍යයක් පවත්වාගෙන යාම අරමුණු කොටගෙන කෙටුම් පත් කර ඇති බව වාර්තාවේ.

මූලාශය – Radio Gagana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles