Saturday, May 18, 2024

රජයේ ආයතන 150ක හිතුමතේ පඩි වැඩිවීම් !

ඉකුත් සමයේ රජයේ ආයතන 150කට වැඩි සංඛ්‍යාවක නිලධාරීන් ඔවුන්ගේ සිතැඟි පරිදි රුපියල් ලක්ෂ ගණනින් වැටුප් වැඩි කරගෙන ඇති බව රාජ්‍ය විගණනය මඟින් හෙළි කරගෙන ඇත.

මේ ආයතනවල කටයුතු සෙවීමේ බලය පසුගිය කාල‍යේදී රාජ්‍ය විගණනය යටතට නොගැනිණි. එහෙත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආයතනවල කටයුතු විගණනය කිරීමේ බලය විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතට පත් විය.

ඉන් අනතුරුව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඒ ආයතන 150කට අධික ප්‍රමාණයේ විගණන කටයුතු ගණනය කිරීමේදී මෙතෙක් විගණනය යටතේ සොයා බැලුණු ආයතන කිසිවකත් නොදුටු තරම් දූෂණ වංචා සිදුව ඇති බව අනාවරණය වී තිබේ.

මේ ආයතනවල කොටස් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් රජයට අයත් ඒවා වෙයි. මේවාට මුදල් ලැබෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙනි.

ඒවායේ ඇතැම් නිලධාරින් එනම් අධ්‍යක්ෂවරුන්, ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4 – 5 මට්ටම්වල පවතී. රුපියල් ලක්ෂය ඉක්මවා යන වැටුපක් ඇතැම් ආයතනවල කාර්යාල කාර්ය ‍සහායකයන්ට ලැබේ.

උදාහරණ වශයෙන් විදුලිබල මණ්ඩලය යටතේ ඇති ආයතන ගණනාවක නිලධාරීන්ගේ වැටුප් එම තනතුර ම දරන රජයේ වෙනත් බොහෝ ආයතනවල නිලධාරීන්ගේ වැටුපට වඩා ඉහළ මට්ටමක පවතී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles