පසුගියදා උසස් තාක්ෂණ ගණකාධිකරණ සිසුන්ට මෙන්ම ඉන් මාස කීපයකට පෙර රාජපක්ෂ පාලන සමයේ විපක්ෂයේ සමාකාමී විරෝධතා රැළිවලට පොලීසිය එල්ලකල අමානුෂික ප්රහාරයන් පිළිබඳව දැඩි ලෙස විවේචනය කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දැක්වීය.
ශීලාචාර සමාජයක අදහස් ප්‍රකාශ කිරීම සහ විරෝධය දැක්වීම මානුෂික අයිතියක් වන අතර කිසිම රජයකට හෝ ආයතනයකට අත්තනෝමතිකව එම අයිතිය වලක්වාලනු නොහැකි බවද හෙතෙම පැවසීය. සමාජ ජාලවල සහ මාධ්‍යවල හුවමාරුවූ ඡායාරූප සහ වීඩියෝ පටවලින් පොලීසියේ අමානුෂික පහරදීම් ඉතාමත් හොඳින් පෙන්වන බවත් “මෛත්‍රී-රනිල් යුගයක“ නීතියේ ආධිපත්‍යය නිදහස්ව තිබියදී මෙවැනි දේ සිදුවීම ඉතාමත්ම වැරදි බව අමාත්‍යවරයා අදහස් දැක්වීය.
“අපි දන්නවා අපි විපක්ෂයේ හිටිද්දි පහුගිය ආණ්ඩුව අපේ සාමකාමී විරෝධතා වලට පහරදීපු හැටි, ඒ වගේම කටුනායක විරෝධතාවට, රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට පහුගිය ආණ්ඩුව සලකපු විදිහ. අපි ජනවාරි 8 වෙනිදා ඒ අමානුෂික පාලනය අවසන්කලේ ඉතා සාමකාමී විප්ලවයකින්. එම විප්ලවයට නායකත්වය දීපු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නායකත්වය දෙන රජයක් තුලින්ම මෙවැනි දේ සිදුවීම ඉතාම කණගාටුදායකයි. මොකද අපි මෙවැනි අමානුෂික සිදුවීම් යහපාලනයට යටතේ සිදුනොවිය යුතු බවට ගිවිසගත්ත නිසා“
“මෛත්‍රී-රනිල්“ පාලනයත් පහුගිය “රාජපක්ෂ පාලනය“ වැනිම අති අමානුෂික පාලනයක් බවට පත්වෙන්න යනවනම් අපි වහාම එයට විරුද්ධව නැගී ඉන්නවා. මෙම පහරදීම ගැන අගමැතිවරයා විශේෂ වාර්තාවක් ඉල්ලා සිටීම වැදගත්, ඡායාරූප වලින් මෙම පහරදීම සිදුකරපු පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම දඬුවම් ලබාදිය යුතුයි.“
මෙම ප්‍රහාරයට රජය ගන්නා පියවර පිළිබඳව මේ රටේ ජනතාව මෙන්ම බාහිර ලෝකයේ ජනතාවද ඉතා අවදානයෙන් බලා සිටින බවත්, මේ ප්‍රහාරයට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව ගන්නා පියවර අනුව අපේ රටේ අලුත් ආණ්ඩුව සැබෑ ප්රජාත්න්රවාදී ආණ්ඩුවක් බව ලොවටම ප්රකාශකල හැකි බව අමාත්‍යවරයා පැවසීය.
CIA වෙතින්
අමාත්‍ය මංගල සමරවීර මැතිතුමන්ගේ අදහස කාලෝචිත බව පිලිගන්නා අතරම එහි යම්කිසි අඩුපාඩුවක් පවතින බව අප හට හැඟීයන බැවින් එය මෙසේ ප්‍රතිපූරණය කරන්නට කැමැත්තෙමු,
සිසුන්ට එරෙහි අමානුෂික ප්‍රහාරයට වගකිව යුත්තේ පොලිස් නිධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුව පමණක්ද? සිසුන් උද්ඝෝෂණය කලේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොවන අතර සිසුන්ට පොලීසිය සමග ගැටුමක් හෝ අර්බුදයක් පැවතියේ නැත. එසේනම් පොලීසියට මේ ප්‍රහාරයේ වගකීම පවරා මාසේ පඩියට ලොක්කන්ගේ ඕඩර් ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන් වන ඔවුන්ට පමණක් දඬුවම් දී පලක් වෙයිද. මෙයට අදාල අමාත්‍යංශය බාර අමාත්‍යවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිසිඳු අයුරකින් සම්බන්ධ නැතිද, ඔහුට දඬුවමක් නැතිද. එසේම මෙයට පොලිස් දෙපාර්තමේන්තුව බාර අමාත්‍යවරයා වන තිලක් මාරපන වගකිවයුතු නැතිද, ඔහුට දඬුවමක් දිය යුතු නැද්ද? එසේම රජයේ ඉහලම අණ ගලා එන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගෙන්ය එසේනම් ඔවුන් වැරදි නැතිද, සහ ඔවුන්ට දඬුවමක් නැතිද..පහත් තැනින් ජලය ගලා බස්සවා ලොකු තැන් පිරිසිදු කිරීම යහපාලනය නොවන බව අපේ විශ්වාසයයි.
පොලීසියට මෙන්ම පෙරකී පුද්ගලයන්ටද එරෙහිව දඬුවම් හෝ අවම වශයෙන් වගකීම් සහගතව ඔවුන් වරද පිළිගෙන තනතුරු වලින් ඉවත්වීම හෝ මෙම සිදුවීමට සාධාරණයක් ලෙස සිසුන්ගේ අවම වශයෙන් සමාව ගැනීම සිදුකල විට රාජපක්ෂ රෙජීමයේ සහ මෛත්‍රී-රනිල් පාලනයේ වෙනසක් ඇතිබව අපට පිළිගත හැක. එසේ නැතිව පොලීසියට පමණක් දඬුවම් දී ලෝකයට ප්රජාතන්ත්රවාදය පෙන්වා පලක් නැතිබව අපි තරයේ කියා සිටින්නෙමු.