Saturday, May 4, 2024

ඇමති මාරපන ඉල්ලා අස්වෙයි..!

ඇවන්ට් ගාර්ඩ් සිදුවීම සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් දැඩිලෙස විවේචනයට ලක්වූ නීතිය හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා සිය අස්වීමේ ලිපිය ජනපතිවරයා වෙත යවා ඇති බව වාර්තාවේ. එසේම අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ගේ තීරණය සහ එයට හේතුවූ කරුණු පිළිබඳ මාධ්‍යයට හෙළිකිරීමට ඔහු අපේක්ෂා කරයි.

ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව වෙත තේරීපත්වූ තිලක් මාරපන මහතා ඇවන්ට් ගාර්ඩ් සිදුවීමේ කිසිඳු අපරාධයක් නොමැති බවත් එය 2002 මිලේනියම් සිටි සිදුවීම වැනිම සිදුවීමක් බව කියමින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය නිසාවෙන් දැඩි ලෙස ආණ්ඩුව තුල මෙන්ම ජනතාව අතරත් විරෝධතා මතුවිය. විශේෂයෙන්ම යහපාලන රජය තුල සිටින අමාත්‍යවරයෙක් ලෙස පසුගිය රජය සමයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධව මෙවැනි ප්‍රකාශයක් කිරීම නිසා රජය තුල හෙතෙම දැඩි පිරිහීමකට මෙන්ම පීඩනයකටද ලක්විය.

එම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුල පිල් දෙකක් ලෙස බෙදීමක් ඇතිවූ අතර තිලක් මාරපන, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ වජිර අබේවර්ධන මෙහිදී ඇවන්ට් ගාර්ඩි සිදුවීම යටගසන තැනකට කටයුතු කරන බව පෙනෙන්නට විය. මේ සම්බන්ධව ආණ්ඩුව තුල ඇතිවූ ගැටුම තවත් උග්‍රකරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත්තේ අමාත්‍යවරුන් වන තිලක් මාරපන, විජේදාස රාජපක්ෂ සහ වජිර අබේවර්ධන යන සියලුම දෙනා තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

කෙසේ වෙතත් සම්මුතිවාදී රජයේ පලමු දෙදරීම ඉතාමත් භයානක ආකාරයට සිදුවෙමින් පවතින බව පෙනෙන්ට ඇත.

ජනරග දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles