ආර්.එම්.වී එකේ අය බඩගින්නෙලු..

0
898

රථවාහන ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවේ කැන්ටිමේ කෑම බල්ලොත් කන්නේ නැතිලූ. ඒ තරමට කෑම සවුත්තුයිලු. අනිත් අතට හරිම ගණන්ලූ.
මේ දෙපාර්තමේන්තුවට එන මහජනතාව මේ කැන්ටිමෙන් හරියට ගසා කනවලූ. ඒත් කොච්චර මේ ගැන පැමිණිලි තිබුණත් කිසිම පියවරක ගන්නේ නැතිලූ. මේ හින්දා දෙපාර්තමේන්තුවේ සමහර අය පවා දැන් කෑම ගන්නේ නැතිලූ.

මේ කෑම පරීක්ෂා කරන්න ගෙනියන්නේ වෙනම කෑමලූ. ඒ හින්දා බලධාරීන් මේවා ගැන හරියට දන්නෙත් නැතිලූ.

ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආයතනයක් වුණාට මේ දෙපාර්තමේන්තුවේ සේවය ලබාගන්න එන මිනිස්සු වැසිකිළි යන්නත් සල්ලි ගෙවන්න ඕනලූ.

දෙපාර්තමේන්තුව ලස්සන කරගන්නවා වගේම මේවත් හදාගත්තොත් හොඳයි කියලයි මහජනතාව කියන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here